Beginner's Guide to Networking in Sinhala

නෙට්වකින් පිළිබඳ දැනුම සඳහා අද වන විට IT කේෂ්ත්‍රය තුල විශාල ඉල්ලුමක් ඇත.නවීන තාක්ෂණික ලෝකයේ, සන්නිවේදනය සහ දත්ත හුවමාරු කිරීම සඳහා නෙට්වර් කින් පද්ධති මූලික අංගයකි. මෙම ලිපි පෙළ ගෙන එන්නේ නෙට්වර් කින් පිළිබද කිසිඳු පෙර දැනුමක් නොමැති අයෙකුට පවා ඉන් උගත හැකි පරිදිය.

Client - Server Model

Client Server ආකෘතිය යනු සන්නිවේදන ආකෘතියක් වන අතර, මෙහි සේවාවක් සපයන්නේ සේවාදායකය (Server) විසිනි. මෙහි සම්පත් (Resources) සේවාදායකය තුළ පවතී. සේවාදායකය සමඟ සන්නිවේදනය ආරම්භ කරන්නේ සේවාග්‍රාහකයා (Client) විසින් ඉල්ලීමක් (Request) යැවීමෙනි. සේවාග්‍රාහකයා සම්පතක් ඉල්ලූ විට සේවාදායකයා එම ඉල්ලීමට ප්‍රතිචාරයක් (Response) යවයි. මෙම සන්නිවේදන ආකෘතිය, ජාලයේ අවසාන ලක්ෂ්‍යයන් (End Points) කෙසේ සම්බන්ධ වන්නේ ද යන්න මත පදනම්ව නිර්වචනය කරයි.

Client Server ආකෘතියේ උදාහරණ: ඔබේ වෙබ් බ්‍රවුසරය (Chrome) සහ වෙබ් සේවාදායකය (www.example.lk) අතර ඇති සන්නිවේදනය Client Server ආකෘතිය සඳහා උදාහරණයකි. මෙහිදී Chrome සේවාග්‍රාහකයා වන අතර, www.example.lk ලෙස හඳුනාගත් පරිගණකය සේවාදායකයා වේ.

මෙම ආකෘතියේ විශේෂත්වය වන්නේ, බොහෝ සේවාග්‍රාහකයන් එකම සේවාදායකය සමඟ සම්බන්ධ විය හැකි වීමයී. මෙය විශාල පරිමාණ ජාල පද්ධති සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වේ. Client Server ආකෘතිය, විවිධ ක්ෂේත්‍රවල, විශේෂයෙන්ම වෙබ් සේවාදායක , ඩේටාබේස් සේවාදායක සහ ඩිජිටල් සන්නිවේදන ක්ෂේත්‍රවල පුළුල්ව භාවිතා වේ.

Peer to Peer Model

Peer to Peer ආකෘතිය යනු සන්නිවේදන ආකෘතියක් වන අතර, මෙහි විශේෂිත වස්තූන් (Entities) නොමැත. මෙහිදී සේවාදායකයන් (Servers) නොමැති අතර, සියලුම සම්බන්ධිත සංරචක (Nodes) සමාන වේ. සම්බන්ධිත සංරචක සියල්ලම සමානව සම්පත් (Resources) දායකත්වය ලබා දේ.

මෙම ආකෘතියේ විශේෂත්වය වන්නේ, සම්බන්ධිත සංරචක අතර සමානභාවයයි. සෑම සංරචකයක්ම සමානව කටයුතු කරයි, එනම් ඔවුන් සියල්ලම "Peers" ලෙස හැඳින්වේ.

Peer to Peer ආකෘතියේ උදාහරණ: BitTorrent වැනි ෆයිල් හුවමාරු පද්ධති, Peer to Peer ආකෘතියේ සඳහා උදාහරණයකි. මෙහිදී, සෑම පරිශීලකයෙකුම (User) සමානව ෆයිල් බාගත කිරීම සහ උඩුගත කිරීම සිදු කරයි.

Bitcoin ජාලය යනු Peer to Peer ආකෘතියක් මත පදනම්ව ක්‍රියාත්මක වන ජාලයකි. Bitcoin ජාල ප්‍රොටෝකෝලය, සම්පූර්ණ සංරචක හෙවත් Peers, බ්ලොක් සහ ගනුදෙනු හුවමාරු සමාන්තරව පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සපයයි. මෙම ආකෘතියේදී, සෑම සංරචකයක්ම සමානව කටයුතු කරයි, සහ ඔවුන් සියල්ලම ජාලයේ සමාන දායකත්වයක් ලබා දේ.

මෙම ආකෘතිය, විශේෂයෙන්ම ෆයිල් හුවමාරු, ඩිජිටල් සන්නිවේදන සහ සමාජ ජාලා වැනි ක්ෂේත්‍රවල පුළුල්ව භාවිතා වේ.

Mobile Users

Connectivity යනු විවිධ උපාංග සහ සේවා අතර සම්බන්ධතා ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියයි. මෙය විවිධ තාක්ෂණයන් සහ උපාංග මඟින් සපයනු ලබයි.

  • WiFi: ජාල සම්බන්ධතා සඳහා වයර්ලස් තාක්ෂණයක්.

  • Telecom Service Providers: GSM, 3G, 4G, 5G වැනි ජංගම ජාල තාක්ෂණයන්.

  • Bluetooth: කෙටි දුර සන්නිවේදන සඳහා භාවිතා වන වයර්ලස් තාක්ෂණයක්.

  • Devices:

    • Smartphones

    • Smart Watches – Wearables

  • Applications:

    • Navigation: මාර්ග සොයා ගැනීම.

    • Fitness Monitoring: ශාරීරික ක්‍රියාකාරකම් නිරීක්ෂණය.

    • Instant Messaging: ක්ෂණික පණිවිඩ යැවීම.

    • Others: සමාජ මාධ්‍ය, ඡායාරූපකරණය, music streaming ඇතුළු සේවා.

Sensor Networks

Sensor Networks යනු කුඩා සංවේදක (Sensors) මාලාවක් වන අතර, එම සංවේදකයන් භෞතික ලෝකය පිළිබඳ තොරතුරු එකතු කරයි. මෙය උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, ස්ථානය, වේගය වැනි දත්ත ඇතුළත් වේ. මෙම ජාලයන්ට සාමාන්‍යයෙන් වයර්ලස් සන්නිවේදන හැකියාවක් ඇත.

Smartphones විවිධ සංවේදක (Sensors) සමඟ සන්නද්ධ වේ.

  • Camera: ඡායාරූප සහ වීඩියෝ ලබා ගැනීම.

  • GPS: ස්ථානය නිරූපණය කිරීම.

  • Accelerometer: චලනය සහ වේගය මැනීම.

  • Gyroscope: දිශානතිය සහ ස්ථානය මැනීම.

ඔබ නැවිගේෂන් යෙදුමක් වැනි යෙදුම් භාවිතා කරන විට, මෙම සංවේදක දත්ත එකතු කර මධ්‍යස්ථ සේවාදායකයන් වෙත යවයි. මෙයින්, ඔබේ දුරකථනය සංවේදක ජාලයක සංරචකයක් (Node) බවට පත් වේ!

Smart Watch: ඔබේ ස්මාර්ට් වොච්ද සංවේදක සමඟ සන්නද්ධ වේ, එය ශාරීරික ක්‍රියාකාරකම් නිරීක්ෂණය, හෘද ස්පන්දන මැනීම, සහ වෙනත් දත්ත එකතු කිරීම සඳහා භාවිතා වේ. එයද සංවේදක ජාලයක සංරචකයක් ලෙස කටයුතු කරයි.

සමාජ ගැටළු (social issues)

  • Privacy Violations

  • Fake News

  • Social Engineering – Phishing Attacks

  • Cyberbullying

  • Data Breaches

  • Online Harassment

  • Addiction to Social Media

  • Misinformation Spread

ඊළඟ නෙට්වර්කින් මාතෘකාවෙන් නැවත හමුවෙමු!⭐

0
Subscribe to my newsletter

Read articles from Uthsara Basnayake directly inside your inbox. Subscribe to the newsletter, and don't miss out.

Written by

Uthsara Basnayake
Uthsara Basnayake